ශ්‍රී ලංකා ජාතික ගීය
From Wikipedia
වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත මෙම ගීයා 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබිය.
[edit] ශ්‍රී ලංකාවේ ජාතික ගීය
ශ්‍රී ලංකා මාතා ෴
අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා ෴
සුන්දර සිරිබරිනි සුරැඳි අති සෝබමාන ලංකා ෴
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා ෴
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා ෴
පිළිගනු මැන අප භක්තී පූජා ෴
නමෝ නමෝ මාතා ෴
අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා ෴
ඔබ වේ අප විද්‍යා ෴
ඔබ මය අප සත්‍යා ෴
ඔබ වේ අප ශක්ති ෴
අප හද තුළ භක්ති ෴
ඔබ අප ආලෝකේ ෴
අපගේ අනුප්‍රාණේ ෴
ඔබ අප ජීවන වේ ෴
අප මුක්තිය ඔබ වේ ෴
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා ෴
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජයභූමී කරා ෴
එක මවකගේ දරුකැල බැවිනා යමු යමු වී නොපමා෴
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා ෴
අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා.....