සත්‍යයේ ජේසු සමිදාණන්ගේ සභාව
From Wikipedia
සත්‍යයේ ජේසු සමිදාණන්ගේ සභාව යනු 1917 වර්ෂයේ චීනයේ බෙජින් නුවර ආරම්භ වූ සෛවරී සභාවකි. වර්තමානයේ ලොව රටවල් 45ක් පුරා විසිර ඇති එහි සමාජිකත්වය මිලියන 1.5ක් වෙයි. මෙම සභාව විසිවන ශතවර්ෂයේ දී කිතුනු ශාසනයෙහි මතු වූ ප්‍රොතෙසතන්ත නිකායන්ට අයත් වූ පෙන්තකොස්ත හෙවත් ශුදාත්මදානී සභාවන් ඝනයේ ලා සැලකේ. ඉන්දියාවෙහි 1932වර්ෂයේ දී මේ සභාව ආරම්භ විණ. නත්තල සහ පාස්කුව මෙකී සභාවන්හි පවත්වනු නොලැබේ.
සභාව විසින් පිළිගන්නා වූ මුලීක ධර්මනියාමක දසය නම්:
- ශුද්ධාත්මයාණන් වහන්සේ - ශුද්ධාත්ම දානයේ දී "අන්‍යභාෂා කතනය" සළකුණක් වශයෙන් සභාව පිළිගනු ලැබේ.
- බෞතීස්ම කිරීම - බෞතීස්ම ලබන්නාගේ හිස පහතට හරවා , ජේසුස් වහන්‌සේගේ නාමයෙන්, ස්වභාවික ජිවන ජලයෙහි සම්පුර්ණයෙන් ගිල්වීම මගින් කරනු ලැබේ.
- ශුද්ධ වූ සහභාගීත්වය
- සබත් දිනය- වෙනත් නිකායන් මෙන් සබත පැවැත්වීම ඉරු දින නොව,සෙනසුරාදා දින පවත්වනු ලැබේ.
- පාද දෝවනය
- ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ
- ශුද්ධ වූ බයිබලය - දේවානුභාවයෙන් දුන් පුරාණ සහ නව ගිවිසුම අන්තර්ත වූ ශුද්ධ ලියවිල්ල වන අතර, එය කිතුනු ජීවිතය සඳහා සම්මතය වේ.
- ගැළවීම/මිදීම - දේව අනුග්‍රහය තුළින්, ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම ලැබේ.
- පල්ලිය (Church)
- අවසන් විනිශ්චය (Last Judgment)